ඊළඟ ඉලක්කය වසන්ත කරන්නාගොඩද? - ඇමති නලින්දගෙන් ඉඟියක්

Report

රජයේ මීළඟ විමර්ශනවල ඉලක්කය බවට පත්වන්නේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා බවට වත්මන් විපක්ෂය විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ නම්, එම ප්‍රකාශය බොහෝදුරට සත්‍යයක් විය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඒ අනුව සිදුවී ඇති විවිධ අපරාධවල සැබෑ ස්වභාවය සහ එම අපරාධවලට සෘජුවම හවුල් වී සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳව වඩාත්ම හොඳින් දන්නේ අදාළ අපරාධකරුවන් සහ ඔවුන්ගේ සගයන් පමණක් බවත්, අපරාධකරුවන්ගේ පාර්ශවයෙන් ඊළඟට නීතියේ රැහැනට හසුවන පුද්ගලයා අහවලා බවට කලින්ම ප්‍රකාශ කරන්නේ නම්, එය වත්මන් ආරක්ෂක අංශ සිදුකරන අපරාධ විමර්ශන කටයුතුවලට ලැබෙන ඉතාමත් වටිනා රුකුලක් මෙන්ම හොඳ ඉඟියක් වන බව අද (18) වැනිදා මාධ්‍ය වෙත විශේෂ අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපොළ රාජසන්තක කරන්න ටික කාලයක් යනවා - ඇමති ආනන්ද විජේපාල

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපොළ රාජසන්තක කරන්න ටික කාලයක් යනවා - ඇමති ආනන්ද විජේපාල

කිසියම් පුද්ගලයෙකු වැරදිකරුවෙකු ද නැද්ද යන්න පිළිබඳව අවසන් ස්වාධීන තීන්දු ප්‍රකාශ කරන්නේ වත්මන් ආණ්ඩුව නොව රටේ පවතින ගරු අධිකරණය පමණක් බවත්, ශ්‍රී ලංකා පොලිසිය වැනි වගකිවයුතු රාජ්‍ය විමර්ශන ආයතන හරහා වත්මන් ආණ්ඩුව සිදු කරන්නේ අදාළ අපරාධවලට එරෙහිව අධිකරණය ඉදිරියේ විධිමත් ලෙස නඩු ගොනු කිරීම සඳහා අවශ්‍ය කරන උපරිම සහාය සහ සාක්ෂි ලබාදීම පමණක් බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මගේ හුරතල් කෙල්ල සුනිතාගාවට ගියා නේද මාව දාලා.. ලතා ලතා සින්දුවට කවුද දැන් නටන්නේ මැණික - අමාලිත් මුළු රටම හඬවමින් නොඑන්නම ගිහින්

මගේ හුරතල් කෙල්ල සුනිතාගාවට ගියා නේද මාව දාලා.. ලතා ලතා සින්දුවට කවුද දැන් නටන්නේ මැණික - අමාලිත් මුළු රටම හඬවමින් නොඑන්නම ගිහින්