මහින්ද නාමල්ට අමතයි - නාමල්ට පොලිස් සහතිකයක් ගන්න කියන්න

Report

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසා ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් සියල්ල රටින් තුරන් කිරීමට කටයුතු කරන බවයි. ඒ සඳහා ගතවන කාලය පමණක් ගැටලුවක් ලෙස ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

එහිදී අපේක්ෂකයින්ගේ පොලිස් සහතික ලබා ගැනීමට පොදුජන පෙරමුණ කටයුතු කිරීම හා පොදුජන පෙරමුණ හා එක්වීමට පොලිස් සහතිකය අවශ්‍ය බව නාමල් රාජපක්ෂ මහතා පැවසීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේය.

නාමල්ගෙන් සජිත්ට කොළ එළියක් - කට්ටිය එකතුවෙයිද ?

නාමල්ගෙන් සජිත්ට කොළ එළියක් - කට්ටිය එකතුවෙයිද ?

එහිදී එයට පිළිතුරු ලබාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අනෙක් අයගේ පොලිස් සහතික ලබා ගැනීමට පෙර තමාගේ පොලිස් සහතිකය ලබා ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට පවසා සිටින බවය.