හෝලි උත්සවයෙන් මතුවූ ඇමති වසන්ත
By Wayomi
ඊයේ (15) කොළඹදී ශ්‍රී ලංකාවේ වාසය කරන ඉන්දියානු ජනතාව විසින් සංවිධානය කරනු ලැබූ හෝලි උත්සවය සැමරීම සිදු කෙරුණා.
හෝලි යනු ඉන්දීය සාම්ප්‍රදායික, වර්ණවත්, සංස්කෘතික උත්සවයක් වන අතර එය ඔවුන්ගේ වසන්නයේ පැමිණිම සංකේතවත් කරනු ලබන සැමරීමක් ලෙසයි සැලකෙන්නේ.
එහි දී මෙම අවස්ථාව සඳහා ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු ඉන්දීය රාජ්‍ය නිලධාරින් සහ ඉන්දීය රාජතාන්ත්‍රිකයන්ගේ ආරාධනයෙන් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාද සහභාගි වී තිබුනා.
ඊයේ පැවති මෙම සංස්කෘතික උත්සවය සඳහා මෙරට රජයේ නිලධාරීන්, මෙරට වෙසෙන ඉන්දීය ජනතාව, අනෙකුත් විදේශිකයින් සහ ශ්‍රී ලාංකිකයින්ද සහභාගි වී තිබුනා.