ගෙදර වත්තේ ඉඳුනු පලතුරු අපතේ යනවද?
මම අද ජෙලටින් නැතිව අයිස් ක්‍රීම් හදන ක්‍රමයක් කියන්නයි යන්නේ.
ඔයාලත් උත්සාහ කරල බලන්න.ගෙදර වත්තේ ඉඳුනු පලතුරු අපතේ යනවද?
මෙන්න විසඳුම.
අඹ,අන්නාසි,කෙසෙල්,ගස්ලබු , අනෝදා ආදී ඕනෑම පලතුරකින් පුලුවන් මේ අයිස් ක්‍රීම් එක හදා ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය:- පොල් ගෙඩියක පොල්කිරි( පලමු හා දෙවැනි කිරි පමණක් ගන්න)
පලතුරු වර්ගය පොඩි කෑලි කපා ගන්න රස අනුව සීනි ලුනුකුඩු ස්වල්පයක් වැනිලා ස්වල්පයක් මෙහි මිමි නම් රස අනුව මගේ හිතේ ප්‍රමණ වේ.🙂😋
සාදන ක්‍රමය:- පලමුව පොල් කිරි ටික ශීතකරණයේ නෝමල් කොටසේ පැය 4 ක් තබන්න.
ඒ එක්කම පලතුරු කෑලි ටික අධි ශීතකරණයේ පැය 4 ක් තබන්න.
ඉන් පසුව පොල් කිරි භාජනය නොසෙල්වෙන ලෙස එලියට ගෙන එහි උඩ මිදී ඇති කිරි ටික පරිස්සමට වෙන භාජනයකට ගන්න.
වතුර වගේ යට ඇති කොටස ඉතිරි වෙන්න.
පලතුරු ටිකත් එලියට ගන්න .
දැන් මේ මිදුන පොල් කිරි සමග පලතුරු කෑලි Blender එකේ ලොකු ජග් එකට දාලා සීනි, ලුනු සමඟ වැනිලා චුට්ටක් දාලා ක්‍රීම් වන තෙක් ගහන්න.
දැන් ඔන්න අයිස් ක්‍රීම් වල මූලික ක්‍රියා දාමය අවසන්. දැන් හොඳින් පියන වැසෙන භාජනයකට මේ මිශ්‍රණය දමා දවසක් අධිශීතකරනයේ තබා රස බලන්න.
මේ පහත ඇත්තේ ඊයේ සාදා අද රස බැලූ අඹ අයිස් ක්‍රීම්. රසම රසයි. මෙම රෙසපිය දීපා වික්‍රමආරච්චි වන මා සතුය.
ලිපිය මුල් හිමිකරු දීපන් වික්‍රමාරච්චි මහත්මිය සතුයි.
උපුටා ගැනීම මුහුණු පොතෙන්
