ජල බිල්පත් ගාස්තු සංශෝධනය පිළිබඳව විශේෂ දැනුම්දීමක්

Report

ජල බිල්පත් ඉදිරියේදී නැවත වරක් වැඩි කරන බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම චෝදනා කළ ද, කිසිදු ලෙසකින් ජල බිල්පත් වැඩිවීමක් සිදු නොවන බව අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමයේ 19 වන වාර්ෂික මහා සමුළුව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සක්‍රීයව සහභාගී වෙමිනි.

වැඩකරමු රට හදමු යන විශේෂ තේමාව යටතේ මෙම වාර්ෂික සමුළුව ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ද මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයෙකු ලෙස එක්ව සිටියේය.

එහිදී සමුළුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සුසිල් රණසිංහ මහතා කියා සිටියේ ඉදිරි කාලසීමාව තුළ රට පුරා විධිමත් පානීය ජල පුනරුදයක් ඇති කිරීමට රජය සැලසුම් කර ඇති බවයි.

තත්ත්වය දරුණු වේ - ලංකාවෙන් රෝගීන් 35,228ක් - මරණ 20යි

තත්ත්වය දරුණු වේ - ලංකාවෙන් රෝගීන් 35,228ක් - මරණ 20යි

මේ අතර, ඉදිරි මාස කිහිපය ඇතුළතදී ගෘහස්ථ එල්පී ගෑස්, ජලය සහ විදුලිය ඇතුළු රටේ සමස්ත අත්‍යවශ්‍ය මහජන සේවාවන්හි සහ භාණ්ඩවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට සමගි බලශක්ති සහ ඒකාබද්ධ වෘත්තීය සමිති බලකායේ මාධ්‍ය ප්‍රකාශක මෙන්ම එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් දැඩි ලෙස අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබුණි.

එසේ චෝදනා කළ ද, කිසිදු ලෙසකින් ජල බිල්පත් වැඩිවීමක් සිදු නොවන බව අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

ලිට්‍රෝ ගෑස් මිල වැඩි වෙයිද? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල වැඩි වෙයිද? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් දැනුම්දීමක්