දිට්වා නිසා හානි වූ උතුරේ ධීවරයන්ට සුබ ආරංචියක්
දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ යාපනය, මුලතිව් සහ මන්නාරම යන උතුරු පළාතේ දිස්ත්‍රික්කවල සක්‍රීය ධීවර ජනතාව වෙනුවෙන් නවීන ධීවර බෝට්ටු සහ උසස් තත්ත්වයේ ධීවර දැල් නොමිලේ පරිත්‍යාග කිරීමේ විශේෂ රාජ්‍ය මහෝත්සවය කරෙයිනගර් සී නෝර් බෝට්ටු කර්මාන්තශාලා පරිශ්‍රයේදී ඉතාමත් සාර්ථකව පැවැත්විණි.
මෙම සුවිශේෂී සහන සැලසීමේ නිල උත්සවය ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රදේශයේ උසස් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
තෙල්දෙණිය සිද්ධියේ සැකකාර පෙම්වතාගේ ආන්දෝලාත්මක තොරතුරු රැසක් එළියට - තට්ට හිසක් සහිතව ඔහු බොරු කොණ්ඩයක් දමා තරුණියන් රවටලා
මෙහි මූලික පළමු අදියර යටතේ රුපියල් මිලියන 1.800 ක් වටිනා උසස් ධීවර දැල් 32 ක් සහ රුපියල් මිලියන 8.640 ක් වටිනා සුවිශේෂී ධීවර බෝට්ටු 18 ක් පීඩාවට පත් සමස්ත ධීවරයින් වෙත නිල වශයෙන් ප්‍රදානය කෙරිණි.
වටිනාකම රුපියල් 480000 බැගින් වන මෙම වටිනා ධීවර බෝට්ටු 18 න් බෝට්ටු 3 ක් යාපනය දිස්ත්‍රික්කය සඳහා වෙන් කර තිබූ අතර ඉන් බෝට්ටු 2 ක් ඩෙල්ෆ් දූපත සඳහා ද කරෙයිනගර් ප්‍රදේශයට බෝට්ටු 1 ක් වශයෙන් ද බෙදා දෙන ලදී.
පාසල් ක්‍රීඩා උත්සවය අතරතුර 15 හැවිරිදි සිසුවිය බරපතල ලෙස දූෂණය කරලා - විදුහල්පති ඇතුළු පිරිස අත්අඩංගුවට
මීට අමතරව කුණාටුවෙන් වැඩිම හානියක් සිදු වූ මුලතිව් දිස්ත්‍රික්කය සඳහා නවීන බෝට්ටු 13 ක් සහ මන්නාරම දිස්ත්‍රික්කය සඳහා නවීන ධීවර බෝට්ටු 2 ක් වශයෙන් වෙන් කර ධීවර සමිති හරහා ජනතාව වෙත සාර්ථකව පිරිනැමීමට කටයුතු කර තිබේ.