නීතිවිරෝධීව ලංකාවට ගෙනා කෝටි ගණනක ජංගම දුරකථන තොගයක් වලානෙන් අල්ලයි

Report

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ බවට සැක කෙරෙන නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් සොයාගෙන තිබේ.

එම වැටලීම මේ වනවිටත් ක්‍රියාත්මක අතර, ජංගම දුරකථන තොගය සම්බන්ධයෙන් පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන ඇත.

වැටලීමේදී අයිෆෝන් (iPhone) ඇතුළු නවීන ස්මාර්ට් ජංගම දුරකථන 300කට අධික සංඛ්‍යාවක් සොයාගෙන ඇති අතර, එම තොගයේ වටිනාකම රුපියල් කෝටි 5කට අධික බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් සිදුකරනු ලබයි.

ගිනි ගණන්වලට ආහාර විකුණන කඩවලට වැඩ වරදී – බස් නැවතුම් ආශ්‍රිත වෙළෙඳසැල් රැසක හදිසි වැටලීමක්

ගිනි ගණන්වලට ආහාර විකුණන කඩවලට වැඩ වරදී – බස් නැවතුම් ආශ්‍රිත වෙළෙඳසැල් රැසක හදිසි වැටලීමක්

චෙම්මනි සමූහ මිනීවළ නිරීක්ෂණයට ආ EU නියෝජිතයන් හමුවේ උණුසුම් විරෝධතාවයක්

චෙම්මනි සමූහ මිනීවළ නිරීක්ෂණයට ආ EU නියෝජිතයන් හමුවේ උණුසුම් විරෝධතාවයක්