රට වටේ මුහුද තියාගෙන ලුණුත් ආනයනය කරන්න වෙලා තියෙන්නේ මෙන්න මේ නිසයි..සල්ලිනෙ මෙහෙම විනාශ වෙන්නේ..

By Piyumika Feb 03, 2025 06:15 AM GMT
Report

ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්වයෙන් බාලවීමට හා දියවී විනාශ වී යාමට ඉඩහැර තිබූ බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය...

ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය...

බුන්දල ලේවායේ 2023 දී නිපදවා නිසි කලට ආවරණය කර නොතිබූ රුපියල් 65,425,279 ක් වටිනා ලුණු මෙට්‍රික් ටොන් 1816.19 ක් හානියට පත්ව තිබූ බව විගණනය මගින් පෙන්වාදී තිබේ.

පලටුපාන ලේවායේ රුපියල් 520,640 ක් වටිනා ලුණු මෙට්‍රික් ටොන් 16.27 ක් වසර තුනක් තිස්සේ වේදිකාවක තැන්පත් කර තිබීම නිසා පැහැය වෙනස් වී දියවෙමින් පැවති බවද, 2022 නිපදවූ රුපියල් 27,324,000 වටිනා සුපර් ග්‍රේඩ් වර්ගයේ ලුණු මෙට්‍රික් ටොන් 569.25 ක් ඒවා ආවරණය කර තිබියදී දිරාපත්වු පොලිතීන් හා පොල් අතු සමග මිශ්‍රවී දියවෙමින් හා තත්වයෙන් බාලවී තිබුණු බවද විගණන කාර්යාලය සඳහන් කරයි.

ලැගුම්හලක අබිරහස් මරණයක්...

ලැගුම්හලක අබිරහස් මරණයක්...

2023 වසරට අදාලව ලුණු සමාගම සම්බන්ධයෙන් නොබෝදා නිකුත් කරන ලද විගණන වාර්තාවේ සමාගමේ මෙහෙයුම් අකාර්යක්ෂමතා යටතේ සඳහන් කර තිබු මෙම විගණන

නිරීක්ෂණය සම්බන්දව ලුණු සමාගම විගණනයට කිසිදු අදහස් දැක්වීමක් කර නොමැත.

You may like this video