ලැගුම්හලක අබිරහස් මරණයක්...

By Piyumika Feb 03, 2025 01:46 AM GMT
Report

මාවනැල්ල, බෙලිගම්මන ප්‍රදේශයේ හෝටලයක ලැඟුම් ගෙන සිටි 37 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් නාන කාමරයේ තිබි අද (02) අලුයම හමුවී තිබේ.

මැති ඇමතිවරු විදෙස් සංචාර වලට මෙච්චර කැමති ඇයි...ජනපති පැවසු දේ..(VIDEO)

මැති ඇමතිවරු විදෙස් සංචාර වලට මෙච්චර කැමති ඇයි...ජනපති පැවසු දේ..(VIDEO)

මෙසේ මියගොස් ඇත්තේ කුඹල්ඔළුව, පුඬළුඔය ප්‍රදේශයේ පදිංචි, පෞද්ගලික ආයතනයක සේවය කළ තාක්ෂණ නිලධාරියෙකි.

අද අලුයම ඔහුගේ කාමරයෙන් ජලය පිටාර ගලනා ආකාරය දුටු හෝටලයේ කළමනාකරු කළ සොයා බැලීමකදී තරුණයාගේ මළසිරුර දැක ඇත.

මේ පෙබරවාරිය අසුබ විය හැකි පිරිසක් ගැන ජනපති දුන්න ඉඟිය..

මේ පෙබරවාරිය අසුබ විය හැකි පිරිසක් ගැන ජනපති දුන්න ඉඟිය..

පොලීසිය පැවසුවේ, ඔහු සිටි කාමරයේ පානය කර ඉතිරි වූ මත්පැන් බෝතලයක්, රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක්, කරාබු ජෝඩුවක් සහ ඖෂධ වර්ග කිහිපයක්ද හමුවී ඇති බවය.

සිද්ධිය සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණය මාවනැල්ල වැඩබලන මහෙස්ත්‍රාත්වරිය පැවැත්වූ අතර, මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.  

You may like this video