චීනයට කඩා වැදුණු බාවි කුණාටුව නිසා මිලියන ගණනක් ඉවත් කරයි

Report

ප්‍රබල සුළි කුණාටුවක් චීනයට කඩා වදියි: මිලියන දෙකට ආසන්න පිරිසක් ඉවත් කෙරේ චීනයට බලපෑ ප්‍රබල සුළි කුණාටුවක් හේතුවෙන් අවදානම් කලාපවල සිටින මිලියන දෙකට ආසන්න ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර තිබේ.

‘බාවි’ (Typhoon Bavi) ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව සතියක් තුළ චීනයට බලපෑ දෙවැනි ප්‍රබල සුළි කුණාටුව වන අතර, එය කිලෝමීටර් 1,000ක් පමණ පළලින් යුත් විශාල වායු පද්ධතියක් ලෙස වාර්තා වේ. බාවි සුළි කුණාටුව සෙනසුරාදා සවස චීනයේ වෙරළබඩ තායිෂෝ නගරයට මුලින්ම ගොඩබිමට පැමිණි අතර, පසුව මධ්‍යම රාත්‍රියට ආසන්නව වෙන්ෂෝ නගරය ආසන්නයෙන් දෙවැනි වරටත් ගොඩබිමට ඇතුළු වී තිබේ.

ප්‍රබල ‘භාවි’ කුණාටුව පිලිපීනය දෙදරුම් කවයි - නායයෑම්වලින් 15කට වැඩි පිරිසක් මියයයි

ප්‍රබල ‘භාවි’ කුණාටුව පිලිපීනය දෙදරුම් කවයි - නායයෑම්වලින් 15කට වැඩි පිරිසක් මියයයි

මෙම සුළි කුණාටුව ජපානයට අයත් දුරස්ථ දූපත් සමූහයක් හරහා ගමන් කිරීමෙන් අනතුරුව, තායිවානයේ උතුරු ප්‍රදේශය ආසන්නයෙන් ගමන් කරමින් එරටට දැඩි වර්ෂාපතනයක් ගෙන ආවේය.

කෙසේ වෙතත්, සුළි කුණාටුව මේ වන විට ප්‍රබල නිවර්තන කුණාටුවක් දක්වා දුර්වල වී ඇති නමුත්, එහි වර්ෂා වලාකුළුවල අඩංගු විශාල ජල ප්‍රමාණය හේතුවෙන් තවදුරටත් අවදානමක් පවතින බව කාලගුණ විශේෂඥයෝ පවසති.

කුණාටුව ඉදිරියේදී වයඹ දෙසට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අනාවැකි පළ කර තිබේ.

චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ, ඉරිදා උදෑසන වන විට සුළි කුණාටුවේ කේන්ද්‍රය ජෙජියෑන්ග් පළාතේ හංජෝ නගරය වෙත ළඟා වී ඇති බවයි. එය සඳුදා නැගෙනහිර අන්හුයි පළාත දෙසටත්, අඟහරුවාදා ෂැන්ඩොං අර්ධද්වීපය හරහා උතුරු කහ මුහුද දෙසටත් ගමන් කරනු ඇතැයි පුරෝකථනය කර ඇත.

ජෙජියෑන්ග් පළාතේ පමණක් මිලියන 1.7කට අධික ජනතාවක් ඉවත් කර ඇති අතර, අසල්වැසි පළාත්වලින්ද දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.

එම පළාතේ පාසල්, සේවා කටයුතු සහ එළිමහන් ක්‍රියාකාරකම් තාවකාලිකව නතර කර ඇති අතර, ගුවන් ගමන් 400කට වැඩි ප්‍රමාණයක් සහ දුම්රිය සේවා රැසක් අවලංගු කර ඇත.

මිලියන 10කට ආසන්න ජනගහනයක් වෙසෙන වෙන්ෂෝ නගරයද කුණාටුවේ ගමන් මාර්ගයට ආසන්නව පිහිටීම හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉවත් කර තිබේ. වෙන්ෂෝ නගරයේ පදිංචිකරුවෙකු වන ලී ලියැංෂින් රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ, “වහලයේ උළු සහ ගස්වල අතු කඩා වැටෙන ශබ්ද අපට ඇසුණා.

ඇත්තෙන්ම අපි බියට පත්වුණා” යනුවෙනි. චීන අගනුවර වන බීජිංහිද අවදානම අවම කිරීම සඳහා පුද්ගලයින් 100,000කට ආසන්න පිරිසක් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

බාවි සුළි කුණාටුව මුලින්ම අධි ප්‍රබල සුළි කුණාටුවක් ලෙස පැවති අතර, පසුගිය සඳුදා ගුවාම් සහ උතුරු මරියානා දූපත් හරහා ගමන් කරමින් පැයට කිලෝමීටර් 290ක පමණ වේගයෙන් සුළං ඇති කළේය. පසුව පැසිෆික් සාගරය හරහා ගමන් කිරීමේදී එහි වේගය පැයට කිලෝමීටර් 144ක් දක්වා අඩුවූ අතර, ජපානයේ රියුකියු දූපත් සමූහයට අයත් සකිෂිමා දූපත් හරහා ගමන් කළේය.

එහිදී පුද්ගලයින් පස් දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, දහස් ගණනකට විදුලි බලය අහිමි විය. තායිවානයට සෘජු බලපෑමක් සිදු නොවූ නමුත්, දැඩි වර්ෂාව හේතුවෙන් නායයෑම් අවදානම මතුවූ අතර, ජනතාව විශාල පිරිසක් ඉවත් කර තිබේ.එම රටවල් දෙකෙන්ම මේ දක්වා මරණ වාර්තා වී නොමැත.

මේ අතර, චීනයේ දකුණු ප්‍රදේශ තවමත් මෑතකදී බලපෑ ‘මේසක්’ (Maysak) සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් ගොඩ එමින් සිටී. එම කුණාටුවෙන් පුද්ගලයින් අවම වශයෙන් 39 දෙනෙකු මියගොස් ඇති අතර, කෘෂිකර්මාන්තයටද දැඩි හානි සිදුව තිබේ. මීට අමතරව, මධ්‍යම හුබෙයි පළාතේ දුර්ලභ ටෝනේඩෝ දෙකක් ඇතිවීමටද එය හේතු වී ඇත.

මුහුද රළු වීමත් සමඟ වියට්නාමයේ මහ විනාසයක් - දරුණු බෝට්ටු අනතුරකින් 15ක් ජීවිතක්ෂයට

මුහුද රළු වීමත් සමඟ වියට්නාමයේ මහ විනාසයක් - දරුණු බෝට්ටු අනතුරකින් 15ක් ජීවිතක්ෂයට