මිකොලාස් තියපු ලෝක වාර්තාව
Sports
Sinhala news
By Mithu
කවපෙත්ත විසිකිරීමේ ලෝක වාර්තාව දෙවන වරටත් අලුත්කිරීමට ලිතුවේනියාවේ මිකොලාස් ඇලෙක්නා සමත් විය. අමෙරිකාවේ ඊයේ (13) පැවති ඔක්ලහෝමා ලෝක ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 75.56ක දක්ෂාවක් දක්වමින් ඔහු මෙම වාර්තාව පිහිටු වීය.
ඒ අනුව කවපෙත්ත ඉසිලීමේ දී මීටර් 75 සීමාව ඉක්මවා ගිය පළමු ක්‍රීඩකයා බවට ද ඔහු පත්විය. කෙසේ නමුත් තවමත් 22 හැවිරිදි වියේ පසුවන ඇලෙක්නා මෙහි පෙර ලෝක වාර්තාවේද හිමිකරුවාය. පසුගිය වසරේ දී ඔහු මීටර් 74.35ක් විසිකරමින් එම වාර්තාව පිහිටු වීය.
එහි විශේෂත්වය වන්නේ එවරද ඔහු මෙම ලෝක වාර්තාව පිහිට වූයේ මෙම ස්ථානයේදී වීමයි. පසුගිය වසරේදී ඇලෙක්නා එම වාර්තාව පිහිටවනු ලැබුවේ එතෙක් වසර 38ක (1986 වසරේ සිට) දීර්ඝ ලෝක වාර්තාවේ අවසානය සනිටුහන් කරමින්ය.
