ඇමති ලාල් වනචාරීයා කීවට මිහින්තලේ හිමි සී.අයි.ඩීයට

Report

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා මිහින්තලේ හිමිට විරුද්ධව සිදු කෙරූ ප්‍රකාශය පිළිබඳව පැමිණිල්ලක් ඓතිහාසික මිහින්තලා රජමහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ බව වාර්තා වේ.

මෙම ප්‍රකාශ කේ.ඩී. ලාල් කාන්ත අමාත්‍යවරයා විසින් පසුගිය දිනක කුරුණෑගල ප්‍රදේශයේ අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවති වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයකි.

ඇමති ලාල්කාන්තට ලෝක ලෙඩක් - සංඝයා එක්රොක් වේ

ඇමති ලාල්කාන්තට ලෝක ලෙඩක් - සංඝයා එක්රොක් වේ

ඒ අවස්ථාවේදී අමාත්‍යවරයා “මිහින්තලේ වනචාරියා” ලෙස හැඳින්වූ පුද්ගලයෙකු අගමැතිනිය පිළිබඳව විවිධ අදහස් දැක්වූ බවත්, ආගමික නායකයන් අගමැතිනිය පිළිබඳව වැඩිපුර දැනුවත් වන බවත් ඔහු ප්‍රකාශ කළ බව වාර්තා වේ. කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කළේ,

“අගමැතිනිය ගැන කතාකරන අය දිහා බැලුවහම, ඒ අයගේ අධ්‍යාපන මට්ටම හොඳට පේනවා. විශේෂයෙන් මිහින්තලේ ඉන්න වනචාරියා. තනිකර කතාකරන්නේ කුණුහරුප, ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ අධ්‍යාපන පරිවර්තනයක් කියන්නේ කුනුහරුපයක් කියලා. අගමැතිතුමියට බනිනවා කුණුහරුපෙන්”

යන අන්දමින්යි. මෙම ප්‍රකාශය වාර්තා වන පසු, ධම්මරතන හිමියන් එය විරුද්ධ කරමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.

තවත් වනචාරීන් දුටිමි - බුකිය කැළඹමින් ලාල්ගෙන් තවත් වනචාරී කතාවක්

තවත් වනචාරීන් දුටිමි - බුකිය කැළඹමින් ලාල්ගෙන් තවත් වනචාරී කතාවක්