ප්රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක් - අවදානම් පළාත් සහ දිස්ත්රික්ක මෙන්න
දිවයිනේ පළාත් හයක් සහ දිස්ත්රික්ක හතරක් සඳහා බලපැවැත්වෙන පරිදි ප්රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්යම, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම කුරුණෑගල, යාපනය, වවුනියාව සහ මුලතිව් දිස්ත්රික්කවලට මෙම නිවේදනය අදාළ වේ.
එම ප්රදේශවල අද (18) සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබේ.
ඒ අනුව අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අද පෙරවරු 11.30ට නිකුත් කර ඇති මෙම අවවාදාත්මක නිවේදනය හෙට (19) පෙරවරු 1.00 දක්වා වලංගු වේ.