යුද උණුසුමත් ඉහළට - තෙල් මිලත් ඉහළට - ලෝකයම පීඩාවට
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුද ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළදපොලේ බොරතෙල් මිල මේ වන විට සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර බොරතෙල් මිල ඉහළ යාම ලොව සෑම රටකටම බලපෑම් එල්ල කර ඇත.
අද වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකා ඩොලර් 85ට ආසන්න වී ඇති අතර ඇමෙරිකානු ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 75 සීමාව ඉක්මවූ බව වාර්තා වේ.
යුදමය තත්ත්වය උත්සන්න වීමට පෙර බොරතෙල් මිල වඩාත් අඩු අගයක් ගත අතර ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල පෙබරවාරී මාසයේ සටහන් වුයේ ඇමෙරිකා ඩොලර් 71ත් 73 ත් අතර හා ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සටහන්ව පැවතියේ ඩොලර් 67 ක අගයකයි.
යුද ගැටුම් ආරම්භ වී පැය කිහිපයක් ගත වෙත්ම එක්වරම එය සියයට 13 කින් මෙහි අගය ඉහළ යාම ලෝකයේම අවදානයට ලක් විය. ඒ අනුව දින කිහිපයක් ඇතුළත ඩොලර් 12 ත් 15ත් අතර ප්‍රමාණයකින් බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇත.