මයික්‍රොසොෆ්ට් සමාගමෙන් අලුත් බලාපොරොත්තුවක්
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවක කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව වාර්තා වී ඇත.
ඒ අනුව සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙලෙස කප්පාදු කරනු ලබන සේවක ප්‍රමාණය මයික්‍රොසොෆ්ට් සමාගමේ ශ්‍රම බළකායෙන් 3% කටත් වඩා අඩු ප්‍රමාණයක් බවයි සඳහන් වන්නේ. පසුගිය අඟහරුවාදා දින මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
පිරිවැය පාලනය කිරීම සහ කෘතිම බුද්ධිය සඳහා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කිරීම මෙම සේවක කප්පාදු කිරීමෙන් මයික්‍රොසොෆ්ට් සමාගම බලාපොරොත්තු වෙයි.
මේ අතර 2023 දී මයික්‍රොසොෆ්ට් සේවකයින් 10,000ක් සේවයෙන් ඉවත් කිරීමෙන් පසු සිදු කරන විශාලතම සේවක කප්පාදුව මෙය බවයි වාර්තා වන්නේ.