ලොව ප්‍රසිද්ධ සෝසල් මීඩියා එකක් වසා දමන දිනය දැනුම් දෙයි... දිනය මෙන්න
මිලියන සිය ගණනක් පරිශීලකයින් ලොව පුරා සිටින වීඩියෝ ඇමතුම් සේවාවක් වන ස්කයිප් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ලබන මැයි මාසයේ සිට එය වසා දමන බව මයික්‍රොසොෆ්ට් සමාගම සඳහන් කර සිටියා. ස්කයිප් සමාගම තමන්ගේ X ගිණුමේ මේ බව සඳහන් කර ඇති අතර මැයි මාසයේ සිට සිය මෙහෙයුම් නවත්වන බවයි දැනුම් දී ඇත්තේ.
ඉදිරි දින කිහිපය තුළ පරිශීලකයින්ගේ කතාබස් සහ සම්බන්ධතා සමග පරිශීලකයින්ගේ ස්කයිප් ගිණුම සමග Microsoft Teams Free වෙත සම්බන්ධ විය හැකි බව එම සමගම කියා සිටියා.
අදාළ පරිශීලකයින්ගේ ස්කයිප් මුරපද සමග Microsoft Teams Free සම්බන්ධ වීමට හැකියාව මෙහිදී හිමි වනවා.
ස්කයිප් 2003 දී ප්‍රථම වරට ලෝකයට හඳුන්වා දෙනු ලැබුවේ වීඩියෝ සංවාද පවත්වන්නට හැකි අයුරෙන් බව විශේෂත්වයක්.
කෙසේ නමුත් 2011 දී මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ස්කයිප් සමගම මිල දී ගනු ලැබුවා. ඒ ඩොලර් බිලියන 8.5 කටයි.
එය එම කාලවකවානුවේ විශාලතම අත්පත් කර ගැනීම බවද වාර්තා වුනා. ස්කයිප් තාක්ෂනය කලක් ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවියක් ලෙස ප්‍රසිද්ධ වුනා.
ලොව පුරා සිටින මිතුරන්ට මෙන්ම පවුලේ අයට තම පරිගණක හරහා නොමිලේ වීඩියෝ සහ ඕඩියෝ ඇමතුම් ලබා ගැනීමට මෙමගින් හැකියාව හිමිවුණා.
