බස්වල යන අයට සතුටු හිතෙන ආරංචියක් - නවතම මෙට්‍රෝ බස් රථ 104ක් දිවයිනට

Report

පොදු ප්‍රවාහන සේවාව වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක තලයකට ඔසවා තැබීමේ අරමුණින් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද නවතම 'මෙට්‍රෝ' බස් රථ 104ක් ඊයේ (29) දින පස්වරුවේ කොළඹ වරාය වෙත ළගා වී ඇත.

ඒ අනුව මෙම බස් රථ තොගය චීනයේ ප්‍රමුඛ පෙළේ වාහන නිෂ්පාදන සමාගමක් වන Foton International Corporation වෙතින් ආනයනය කර තිබෙනවා.

එසේම මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මක වෙනසක් ඇති කිරීම සඳහා මෙම නව මෙට්‍රෝ බස් රථ ආනයනය කිරීමට අදාළ නිල ගිවිසුම පසුගිය මැයි මාසයේදී අත්සන් තබා තිබුණා.

මාසික ඉන්ධන මිල සංශෝධනය අද - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම දැනුම්දීමක්

මාසික ඉන්ධන මිල සංශෝධනය අද - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම දැනුම්දීමක්

ඒ 2025 අයවැය යෝජනා අනුව පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ මූලික පියවරක් ලෙස නවීන සහ සුවපහසු, දියුණු තාක්ෂණය සහිත බස් රථ හදුන්වාදීමේ වැඩපිළිවෙළ යටතේයි.

එසේම අඳාළ ගිවිසුමට අනුව මෙම බස් රථ 104 දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙම බස් රථ ලබන සැප්තැම්බර් මාසයේ සිට කොළඹ නගර ප්‍රදේශය තුළ ධාවනය සඳහා එක් කිරීමට නියමිත බව සඳහන්.

කර්ම භාවය මත සඳු ගෝචර වන අද දින මේ ලග්න හිමියන්ගේ රැකියා දියුණුව සමාජයේ තත්ත්වය සහ වෘත්තීය කීර්තිය ඉහළ නංවයි

කර්ම භාවය මත සඳු ගෝචර වන අද දින මේ ලග්න හිමියන්ගේ රැකියා දියුණුව සමාජයේ තත්ත්වය සහ වෘත්තීය කීර්තිය ඉහළ නංවයි

රාජ්‍ය සේවයම වෙනස් කරන්න යන ජනපති - මීට පස්සේ ජනතාවට නිවසේ සිට සේවයක් සහ විශ්‍රාම යෑමේ වයසේත් වෙනසක්

රාජ්‍ය සේවයම වෙනස් කරන්න යන ජනපති - මීට පස්සේ ජනතාවට නිවසේ සිට සේවයක් සහ විශ්‍රාම යෑමේ වයසේත් වෙනසක්