සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන මෙටා සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 567 දැවැන්ත දඩයක්

Report

ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාවට ප්‍රමාණවත් අනතුරු ඇඟවීම් ලබා නොදීම හේතුවෙන් සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන මෙටා සමාගමට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 567 ක වන්දි මුදලක් ගෙවන ලෙස එක්සත් ජනපදයේ නව මෙක්සිකෝ ප්‍රාන්ත විනිසුරුවරයෙකු විසින් නියෝග කර තිබේ.

මෙම තීන්දුවට පෙර ද මෙම නඩුවේදීම මෙටා සමාගමට ඩොලර් මිලියන 375 ක දඩයක් නියම කර තිබූ අතර, ඒ අනුව ඔවුන්ට ගෙවීමට සිදුවන සමස්ත දඩ මුදල ඩොලර් මිලියන 942 ක් දක්වා ඉහළ යයි.

නව මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවයේ දැන් තත්ත්වය විශේෂ අනාවරණයක් - ගැටුමට හේතුවත් හෙළිවෙයි

නව මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවයේ දැන් තත්ත්වය විශේෂ අනාවරණයක් - ගැටුමට හේතුවත් හෙළිවෙයි

නඩුව විභාග කළ නව මෙක්සිකෝ දිස්ත්‍රික් විනිසුරු බ්‍රයන් බීඩ්ෂයිඩ් (Bryan Biedscheid) සඳහන් කළේ, මෙටා සමාගම පරිසරයට හානි කරන වායු දූෂණයක් මෙන්ම සමාජයට හානි පමුණුවන "මහජන පීඩාවක්" (public nuisance) බවට පත්ව ඇති බවයි.

විනිසුරුවරයා සිය තීන්දුවේදී මෙටා සමාගම කර්මාන්ත ශාලාවකට සමාන කරමින් කියා සිටියේ, එහි නිෂ්පාදනය වෙළෙඳ දැන්වීම් සහ අන්තර්ගතයන් වන අතර, ළමුන්ට සිදුවන මානසික හානි සහ ලිංගික හිංසන එම කර්මාන්ත ශාලාවෙන් පිටවන දූෂණය ලෙස සැලකිය යුතු බවයි.

මෙම අර්බුදය හේතුවෙන් අනාගත හානි අවම කිරීම සඳහා විශේෂ අරමුදලක් පිහිටුවීමට ද අධිකරණය නියෝග කර ඇත. නියෝග කළ මුදලින් ඩොලර් මිලියන 420 ක් පමණ මෙටා පද්ධති හේතුවෙන් දැනටමත් හානියට පත් දරුවන්ගේ මානසික සහ චර්යාත්මක සෞඛ්‍ය ප්‍රතිකාර, උපදේශන සේවා සහ අනෙකුත් පුනරුත්ථාපන වැඩසටහන් සඳහා යොදවනු ඇත.

මෙම නඩුව 2023 වසරේදී නව මෙක්සිකෝ ප්‍රාන්තය විසින් ගොනු කර තිබූ අතර, එහිදී මෙටා සමාගමේ Recommendation Algorithms මඟින් තරුණ පරිශීලකයන් හානිකර අන්තර්ගතයන් සහ ලිංගික අපරාධකරුවන් වෙත යොමු කරන බවට චෝදනා එල්ල විය.

කෙසේ වෙතත්, මෙටා සමාගම මෙම අධිකරණ තීන්දුව ප්‍රතික්ෂේප කරමින් ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර තිබේ.

තම වේදිකාවන්හි පරිශීලකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරන බවත්, හානිකර අන්තර්ගතයන් සහ අයහපත් ක්‍රියාකාරීන් හඳුනාගෙන ඉවත් කිරීමේ අභියෝග පිළිබඳව විවෘතව කටයුතු කර ඇති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

අද 2න් පසු දිවයිනේ මේ ප්‍රදේශවලට සිද්ධ වෙන්න යන දේ මෙන්න - අවදානයෙන් සිටින්නයැයි විශේෂ නිවේදනයක්

අද 2න් පසු දිවයිනේ මේ ප්‍රදේශවලට සිද්ධ වෙන්න යන දේ මෙන්න - අවදානයෙන් සිටින්නයැයි විශේෂ නිවේදනයක්

ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් මෙටා සමාගමට නියම වූ විශාලතම මූල්‍ය දඩය මෙය වන අතර, සමාජ මාධ්‍ය සමාගමක් අධිකරණයක් විසින් නිල වශයෙන් "මහජන පීඩාවක්" ලෙස නම් කළ පළමු අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසයට එක්වේ.