2025 මෙට්ගාලා ඔබ නොදුටු දසුන් (PHOTO)
Met Gala 2025 (Metropolitan Museum of Art Costume Institute Gala) කියන්නේ නිව්යෝර්ක් නගරයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ ඇඳුම් ආයතනය වෙනුවෙන් අරමුදල් රැස්කරන ලෝකප්‍රසිද්ධ විලාසිතා උත්සවයක්.
මේක සෑම වසරකම මැයි මස පළමු සඳුදා පැවැත්වෙනවා.
එයට අනුව මෙට් ගාලා 2025 උත්සවයද අතිසාර්ථකව පවත්වා අවසන් වුණා.
මේ සදහා අපි ආදරය කරන සුපිරි තරු ගොඩක් එක්වුණා.සෙන්ඩායා,රිහානා,කෙන්ඩල්,හෙයිලි.කිම්,කයිලි ඇතුලු තරු ගොන්නක් මීට එක්වුණා.
මෙහි විශේෂ සිදුවීමක් වන්නේ බොලිවුඩය නියෝජනය කරමින් පළමු පිරිමියා ලෙස ශාරුක් කාන් ද එක්වීමයි.
මෙම වසරේ, උත්සවය "සුපිරි සියුම්: කළු විලාසිතාව මැසීම" යන තේමාව යටතේ සමරනු ලැබූ අතර එය මැයි 10 සිට ඔක්තෝබර් 26 දක්වා ප්‍රදර්ශනය කෙරේ.
මෙට්ගාලා 2025 හා එක්වූ තරු ජයාරූප පහත දැක්වේ.








