හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පස්දෙනාට ලැබුණු අධිකරණ නියෝගය

Report

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන් 5 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ලබන ජුනි 9 වැනි දින දක්වායි. මෙම නියෝගය ලබාදී ඇත්තේ කිරිබත්ගොඩ ඉඩම් වංචා නඩුව සම්බන්ධයෙනුයි.

මහර මහෙස්ත්‍රාත් කාංචනා සිල්වා මහත්මිය ඉදිරියේදී මෙම නඩුව මාර්ගගතව කැඳවනු ලැබීය.

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය

එහිදී සියලු කරුණු සළකා බැලූ මහර මහෙස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය මෙම නියෝගය ලබා දෙන ලදී.

මෙහිදී ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීමද මහෙස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළාය. 

ඉදිරි දිනවල කාලගුණයේ වෙනස්වීමක් - වැසි තත්ත්වය වැඩි වෙයි

ඉදිරි දිනවල කාලගුණයේ වෙනස්වීමක් - වැසි තත්ත්වය වැඩි වෙයි