මර්වින්ගේ නඩුව යළි කැඳවේ

Report

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට යුතු ලෙස ඇතුළු වී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට අදාළ නඩුව ජුනි මස 30 වනදා යලි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

පැමිණිල්ල අද කැඳවූවද සැකකාර මර්වින් සිල්වා අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

අධිකරණයට කරුණු වාර්තා කෙරුණේ ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවයි.

ඒ අනුව මෙම නඩුව ජුනි මස 30 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළා. අධිකරණය විසින් නියම කළේ එදින මර්වින් සිල්වා බන්ධනාගාරගතව සිටියේ නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

පොලිසියෙන් දැනුම් දීමක්...

පොලිසියෙන් දැනුම් දීමක්...