ගිනිගත් ගෙවල් වෙනුවට වන්දියි අලුත් ගෙවලුයි දෙකම ගත්ත මැතිසබේ සෙට් එක මෙන්න!
අරගල සමයේ නිවාස ගිනිගත් මන්ත්‍රීවරුන් පිරිසක්, ඒ වෙනුවෙන් රජයෙන් ලබාදුන් වන්දි මුදල්වලට අමතරව රජයේ වියත්පුර නිවාස සංකීර්ණයෙන්ද නිවාස ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.
පන්නිපිටිය වීර මාවතේ පිහිටි වියත්පුර නිවාස සංකීර්ණයේ Block 05 හි නිවාස ලබාදෙන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් එවකට පාර්ලිමේන්තුවේ කථානායක වෙත ඉල්ලීම් කර ඇති අතර, ඒ අනුව පහත සඳහන් මන්ත්‍රීන් 26 දෙනෙක් සඳහා වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදී ඇති බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යංශයේ මාධ්‍ය අංශය විසින් නිකුත් කර නිවේදනයක දැක්වේ.
එම නිවේදනය සමග එලෙස නිවාස ලබා ගත් මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගේ නම් ලැයිස්තුවද පහත දැක්වේ.
වියත්පුර නිවාස සංකීර්ණයේ නිවාස විකිණීමේදී සාමාන්‍ය ගැණුම්කරුවන් සඳහා නිවාස විකුණුම් ක්‍රමවේදය වන්නේ නිවසේවල වටිනාකමින් මුලින් 50%ක් ලබාදී වසරක් ඇතුළත සියලු මුදල් ගෙවා අවසන් කළ පසු නිවාස ලබාදීම වුවත් මොවුන් නිවාස මිලදී ඇත්තේ මූලික ගෙවීම 25%ක් ලෙස අඩු කොට ඉතිරිය වසර 15ක් තුළ ගෙවීමට ක්‍රමවේදයක් සකසා ගෙන බව එහි වැඩිදුරටත් දැක්වේ.
එම නිවාසයන්හි වටිනාකම තීරණය කොට ඇත්තේ දේපළෙහි ආරම්භක තක්සේරු මුදල සහ වර්තමාන තක්සේරු මුදල එකතු කොට එය දෙකෙන් බෙදා ගණනය වන මුදල දේපළෙහි වටිනාකම් වශයෙන් ගෙවීමට කටයුතු සලසා ගෙන බවද එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.

