මර්වින් සහ ප්‍රසන්න රණවීර ආයෙත් ඇතුළට
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ අනුව ඔවුන්ව ලබන 26 වන දින දක්වා මෙසේ යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.
අද (19) දින ඔවුන් මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
එහි දී මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
ඔවුන්ව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළවයි.