PSL ලකුණු සටහනේ රජු වෙමින් මෙන්ඩිස් ඉදිරියට

Report

පකිස්ථාන් සුපර් ලීග් තරගාවලියේ පෙෂාවර් සල්මි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් මේ වනවිට ලකුණු 500 සීමාවට අසන්නව සිටී.

අද (22) කරාච්චි කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී කුසල් නොදැවී ලකුණු 85ක් රැස්කරමින් විශිෂ්ට ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළේය.

ඒ සමඟ ඔහුගේ සමස්ත ලකුණු සංඛ්‍යාව 493ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ලකුණු 500 සීමාවට ලකුණු 7ක් පමණක් අඩුවෙන් සිටියදී කණ්ඩායමට අවශ්‍ය ඉලක්කය සම්පූර්ණ විය.

ට්‍රම්ප්ගේ ප්‍රකාශය මැද ලෝක කුසලාන පාපන්දු පිටිය උණුසුම් වෙයි - ඉරානය තීරණය ගනී

ට්‍රම්ප්ගේ ප්‍රකාශය මැද ලෝක කුසලාන පාපන්දු පිටිය උණුසුම් වෙයි - ඉරානය තීරණය ගනී

තරග 8ක් තුළ ශතකයක් (109) සහ අර්ධ ශතක 4ක් සමඟින් මෙම ලකුණු සංඛ්‍යාව රැස් කර ඇති කුසල්, 172.37ක ප්‍රහාරාත්මක වේගයක් සහ 70.42ක සාමාන්‍යයක් පවත්වාගෙන යයි.

මෙම තරගාවලියේ මේ දක්වා ඉහළම ලකුණු රැස්කළ පිතිකරුවාද ඔහු වන අතර, ඔහුට පසුපසින් බාබර් අසාම් ලකුණු 426ක් සමඟින් දෙවැනි ස්ථානයේ සිටී.

ඒ අතරම, පෙෂාවර් සල්මි කණ්ඩායම තරග 9න් 8ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ දරමින් ශක්තිමත් ස්ථානයක පවතී.

ත්‍රිකුණාමලය - මඩකලපුව පාරේ බරපතළ අනතුරක් - 24කට තුවාල - තිදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍යයි

ත්‍රිකුණාමලය - මඩකලපුව පාරේ බරපතළ අනතුරක් - 24කට තුවාල - තිදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍යයි