ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර හමුවක් හෙට

Report

යුක්‍රේන ජනාධිපතිවරයා හෙට දිනයේ දී ඇමෙරිකා ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබේ.

ඒ රුසියානු හා යුක්‍රේන යුද ගැටුම් අවසන් කිරිමේ අරමුණිනි.

ඒ වගේම ධවල මන්දිරය නිවේදනය කරනු ලබන්නේ යුක්‍රේන ජනාධිපති වොල්දෝමීර් සෙලෙන්ස්කි හා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හෙට දිනයේ දී විශේෂ හමුවක් පැවැත්වීමට නියමිත බවයි.

තවද ෆ්ලෝරීඩා හිදී පැවැත්වීමට නියමිත මෙම හමුවේ දී රුසියාව සමග පවත්නා යුද ගැටුම් අවසන් කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ .

කැලිෆෝනියාවේ අයහපත් කාලගුණය නරක අතට - ජීවිත තුනක් දැනට බිළිගනියි

කැලිෆෝනියාවේ අයහපත් කාලගුණය නරක අතට - ජීවිත තුනක් දැනට බිළිගනියි

එවගේම දෙපාර්ශවය අතර සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව ඉදිරිපත් කළ කරුණු 20කින් සමන්විත සාම යෝජනාවලියට ඊයේ දිනයේ දී සංශෝධන එක්කෙරුණු අතර එම සංශෝධන සඳහා යුක්‍රේනයේ ප්‍රසාදයක් හිමිව තිබුණි.

තවද මෙම හමුවේ දී සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙන්ම ඇමෙරිකාවෙන් ආරක්ෂාව තහවුරු කිරීමක් පිළිබඳව ද සාකච්ඡා පවත්වනු ලබයි.

පාර මාරු වුණු වනඅලියා වෑන් රථයක ගැටී මරුට

පාර මාරු වුණු වනඅලියා වෑන් රථයක ගැටී මරුට

නමුත් රුසියාව සාම යෝජනාවලියට එක්කර ඇති සංශෝධන පිළිබඳව තම අප්‍රසාදය පළ කර තිබේ.