ඇමරිකානු තානාපති හා ඇමති නලින්ද අතර හමුවක්

Report

අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ යම් ප්‍රමාණයක් අමෙරිකාවේ පරිත්‍යාගශීලීන් වෙතින් මෙරටට සපයා දීමට මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චංග් එකඟතාව පළකර තිබෙනවා.

ඊයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමඟ පැවති හමුවකදී මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ.

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

රජයේ රෝහල් පද්ධතිය තුළ ඇතැම් අවස්ථාවන් හි දී ඇතිවන ඖෂධ හිඟය මඟහැරවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව පැවසූ අමාත්‍යවරයා, රජයන්, රජයන් අතර සාකච්ජා කර මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව මෙහිදී සඳහන් කර තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් එහිදී නව මාධ්‍ය ප්‍රතිපත්තිය පිළිබදව ද අමෙරිකානු තානාපතිවරිය දැනුවත් කර තිබුණා.

ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියුතුවූවන් වෙනුවෙන් වරලත් මාධ්‍ය ආයතනයක් නුදුරේම ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

ජනතාවට බර, මන්ත්‍රීන්ට ජොලි - ජගත්ගේ අනාවරණයෙන් GMOA කැළඹෙයි

ජනතාවට බර, මන්ත්‍රීන්ට ජොලි - ජගත්ගේ අනාවරණයෙන් GMOA කැළඹෙයි