සියල්ල ගිනි ගණන් ගිය නිසා ඖෂධ මිලත් වැඩි වෙන ලකුණු - 25% න් වැඩි කරන්නැයි ඉල්ලයි

Report

ආනයනය කරන සහ දේශීයව නිෂ්පාදනය කරනු ලබන ​ඖෂධ මිල ගණන් අවම ලෙස 25% වත් ඉහළ දමන ලෙස ඖෂධ සමාගම් රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට විදුලි ගාස්තු ඉහළ යාම රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම, නෞකාවල රක්ෂණ ගාස්තු ඖෂධ මිල හා ඖෂධ නිෂ්පාදන මූලද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු සියලු වියදම් සැලකිල්ලට ගෙන ඖෂධ මිල ඉහළ දැමීමට සිදුව ඇති බව ද එම සමාගම් පෙන්වා දී ඇති බව සඳහන්.

විශාල ලෙස ඉන්ධන මිල ඉහළ යාම හමුවේ රටේ ඉන්ධන කෝටාව සහ QR ක්‍රමය ගැන දැනුම්දීමක්

විශාල ලෙස ඉන්ධන මිල ඉහළ යාම හමුවේ රටේ ඉන්ධන කෝටාව සහ QR ක්‍රමය ගැන දැනුම්දීමක්

ඖෂධ නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍ය මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබීම හේතුවෙන් දේශීයව නිපදවන ඖෂධ මිල ගණන් අනිවාර්යයෙන්ම ඉහළ දැමිය යුතුව ඇතැයි දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති නලින් කන්නංගර මහතා පවසා ඇති බව වාර්තා වේ.

එමෙන්ම දැනට රජය විසින් මිල පාලනයකට යටත් කොට ඇති ඖෂධ 60 හි මිල පාලනය ඉවත් කොට අඩුම තරමින් ඒවායෙහි මිල 7% කින් වත් ඉහළ දැමීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත වාණිජ්‍ය කර්මාන්තකරුවන්ගේ (SCCPI) සභාපති ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කර ඇති බව සඳහන්.

ඊසාන දෙසින් රට ළඟම තියෙන අඩුපීඩන කලාපයෙන් මුහුද කැළඹෙයි - ඉදිරි දින ගැන දිවයිනටම අනතුරු ඇඟවීමක්

ඊසාන දෙසින් රට ළඟම තියෙන අඩුපීඩන කලාපයෙන් මුහුද කැළඹෙයි - ඉදිරි දින ගැන දිවයිනටම අනතුරු ඇඟවීමක්

මෙරට රෝගීන්ට අවශ්‍ය ඖෂධ වර්ග 1800 ක් පමණ ආනයනය කරන අතර ඖෂධ වර්ග 250 ක් පමණ දේශීයව නිපදවයි.

එබැවින් දේශීයව ඖෂධ නිපදවන ආයතන 13 ක් මෙරට ඇති අතර ඉන්ධන මිල, විදුලි ගාස්තු, රක්ෂණ ගාස්තු, අමුද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ යාම නිසා පවතින මිල ගණන්වලට ඖෂධ නිපදවා වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව දේශීය ඖෂධ නිෂ්පාදන ආයතන පෙන්වා දෙයි.

රැකියා ස්ථානයෙන් ප්‍රශංසා ලැබෙන අද මේ ලග්නවලට වාසි රැසක් - සුභ අසුභ තොරතුරු එක්ක දවසේ ලග්න පලාපල

රැකියා ස්ථානයෙන් ප්‍රශංසා ලැබෙන අද මේ ලග්නවලට වාසි රැසක් - සුභ අසුභ තොරතුරු එක්ක දවසේ ලග්න පලාපල

අවුරුද්දක් යනකම් රත්තරන් ගන්න එපා - මහජන රැස්වීමේදී රටේ ජනතාවගෙන් ඉල්ලීමක්

අවුරුද්දක් යනකම් රත්තරන් ගන්න එපා - මහජන රැස්වීමේදී රටේ ජනතාවගෙන් ඉල්ලීමක්