මේ පැතිවල ආයෙත් වැඩ වර්ජනයක්

Report

වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයෙන් යුතුව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අම්පාර දිස්ත්‍රික්ක‍යේ ආරම්භ කර ඇති වෛද්‍ය වැඩ වර්ජනය ලබන සතියේ සිට නැගෙනහිර පළාත තුළම සියලුම රෝහල් වෙත ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

වැඩවර්ජනයට හේතු වූ දෙහිඅත්තකණ්ඩිය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනාගේ ස්ථාන මාරු ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයෙන් පරිභාහිරව ක්‍රියාත්මක කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා විසින් පසුගිය 02 වනදා සිව්පුද්ගල කමිටුවක් පත්කර තිබුණි.

නමුත් අදාළ කමිටු වාර්තාව මෙතක් සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලබා දීමට කටයුතු කර නොමැති බව සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කරයි.

ඊශ්‍රායලය යන්න ඉන්න අයට සුභ ආරංචියක් කාණ්ඩ 3ක් යටතේ ලියාපදිංචිය ඇරඹේ

ඊශ්‍රායලය යන්න ඉන්න අයට සුභ ආරංචියක් කාණ්ඩ 3ක් යටතේ ලියාපදිංචිය ඇරඹේ

ඉතා සුළු ප්‍රශ්නයක් හෝ විසදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයට නොහැකි වී ඇත්තේ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු වැඩපිලිවෙල පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන නිසාද යන්න සැකයක් මතුවන බව ද ලේකම්වරයා සඳහන් කළා.

මාර වැඩක් - තමිල්නාඩු මහ ඇමතිත් කච්චතීවු ඉල්ලයි

මාර වැඩක් - තමිල්නාඩු මහ ඇමතිත් කච්චතීවු ඉල්ලයි

නැගෙනහිර පළාතේ සියලුම රෝහල් ඉදිරිපිට ලබන අගහරුවාදා උද්ඝෝෂණයන් පවත්වා අනතුරුව විධායක සභාව රැස්ව ඉදිරි ක්‍රියාමාර්ගයන් එදිනම තීරණය කරන බව ව්‍යෛ සුගතදාස පැවසුවා.

වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙකු මරුට

වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙකු මරුට