ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල උත්කර්ෂවත් අයුරින්
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල නෙළුම් පොකුණ රගහලේ දී ඊයේ(11) පස්වරුවේ උත්කර්ෂවත් අයුරින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
ඒ වගේම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස / නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න / වෛද්‍ය හංසක විජේමුනි යන මහත්ම මහත්මින් ද මේ සදහා එක්ව තිබේ.
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අමතමින් අග්‍රාමාත්‍යවරිය සදහන් කළේ ස්වාධීන හා අපක්ෂපාති මාධ්‍යකරණයක නියැලෙමින් රටටත් ජනතාවටත් විශිෂ්ට සේවාවක් ඉටුකරන මාධ්‍යවේදීන්ට රජයේ ගෞරවය හිමිවන බවයි.
ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සම්මානය මෙවර පස්දෙනෙකු සදහා ලබා දී තිබේ.
මෙරට පුරෝගාමි සන්නිවේදන ආචාර්යවරයෙකු වු මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර / ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන සිරි රණසිංහ / බී එච් අබ්දුල් හමීඩ් / ලලිතා සිරිබද්දන / මෙරටට රූපවාහිනිය හඳුන්වාදුන් ශාන් වික්‍රමසිංහ යන මහත්ම මහත්මින් වෙත යාවජීව සම්මාන පිරිනමා ඇත .
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේ දී පුවත්පත් / ගුවන් විදුලි / රූපවාහිනි / මාධ්‍ය පර්යේෂණ / වෙබ් අඩවි සහ පාසල් මාධ්‍ය සමාජ යන ක්ෂේත්‍රයන් යටතේ සම්මාන ප්‍රදානය සිදුකර තිබේ.
මෙහිදි අදහස් දැක්වු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කළේ ජනතාවට සත්‍ය හා නිවැරදි තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා ජනමාධ්‍ය නිදහස සහ ස්වාධීනත්වය ලබාදීම රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් බවයි.
තවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍යවේදීන් උදෙසා වත්මන් රජය පියවර රැසක් ගෙන තිබෙන බව සදහන් කර ඇත.