භයානක තත්ත්වයක් ..පුළුටක් නැතුවම බැරි ඔයා මේ දවස් වල මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න..
අප්‍රිකානු වයිරසය ශරීරගත වූ ඌරන් මරා එම සතුන්ගේ මස් ඉදිරි උත්සව සමයේදී අලෙවි කිරීම සඳහා විශාල වශයෙන් ශීතාගාරවල ගබඩා කර තිබෙන බවට කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත.
ඌරන් ප්‍රවාහනය කිරීමට අදාළව නීත්‍යනුකූල නොවන ක්‍රමවේදයක් පසුගිය කාලයේදී ක්‍රියාත්මක වූ බවත්, රජයේ අවසරයකින් තොරව හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකුගේ ලිපියක් මත මෙම ප්‍රවාහන බලපත්‍ර නිකුත් කර තිබෙන බවත්, එම ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට තීරණය කළ බවත් කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න පැවැසීය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (16 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
මීට වසරකට ආසන්න කාලයක සිට අප්‍රිකානු වයිරසයක් මෙරට ඌරන්ට සම්ප්‍රේෂණය වීම නිසා ඌරු කර්මාන්තය විශාල කඩා වැටීමකට ලක්ව ඇතැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය.
ත්‍රිකුණාමලය හැර රටේ අනෙකුත් සෑම ප්‍රදේශයක් ආශ්‍රිතවම පාහේ මෙම වයිරසය පැතිරී ඇතැයිද ඔහු කීවේය.
උත්සව සමයේදී ඌරු මස් සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇතැයිද ඔහු කීවේය.
මෙරට සූකර කර්මාන්තයට බලපා තිබෙන වයිරසය මෙරටින් ඉවත්කර ගැනීමට පශු වෛද්‍ය අංශ මේ වනවිටදීත් කටයුතු කරන බවත් එම වැඩපිළිවෙළ තවදුරටත් වේගවත් කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම, පශු වෛද්‍ය අධීක්ෂණය හොදින් පැවැති ප්‍රදේශවල මෙම වයිරසය බෝවීමේ සීඝ්‍රතාවය අඩු මට්ටමක පැවැති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසුවේය.
වයිරසය වැලඳුණු ඌරන්ගේ මස් ශීතාගාරවල ගබඩා කරගෙන ඇත්නම් ඒ සම්බන්ධව සොයා බැලීමට පරීක්ෂණයක් සිදු කරන බවත් එලෙස ශීතාගාරවල ගබඩා කර තිබෙන ඌරු මස් වහා විනාශ කිරීමට පියවර ගන්නා බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.
වයිරසය නිසා ඌරන් මියයාම නිසා අසීරුතාවට පත්ව සිටින ගොවි ජනතාව වෙනුවෙන් සහනදායි ක්‍රමවේදයකට ණය මුදලක් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.
You may like this video