සිරිපා වන්දනා සමයේ පොලිතින් පාලනයට ක්‍රියාමාර්ග...

By Hashini Nov 15, 2023 02:45 AM GMT
Report

ශ්‍රී පාද වන්දනා සමය දෙසැම්බර් පොහොය දිනයෙන් ආරම්භ වනවා.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ පවසන්නේ ශ්‍රී පාද වන්දනා සමයේදී පොලිතින්, ප්ලාස්ටික් රැගෙන යෑම පාලනය කිරීම සඳහා කටයුතු යොදා ඇතැයි බවයි.

ලේකම්වරයා පවසන්නේ සෑම ශ්‍රී පාද වන්දනා සමයක් අවසානයේදීම පොලිතින් සහ ප්ලාස්ටික් ටොන් සිය ගණනක් ශ්‍රී පාද පරිසර පද්ධතියට එකතු වන බවත්, නල්ලතන්නිය මාර්ගයේ පමණක් විසිරී තිබෙන පොලිතින්, ප්ලාස්ටික් ඉවත් කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මස්කෙළිය ප්‍රාදේශීය සභාවට වසරකට රුපියල් මිලියන දෙකක පමණ මුදලක් ලබාදෙන බවත්ය.

සිරිපා වන්දනා සමයේ පොලිතින් පාලනයට ක්‍රියාමාර්ග... | Measures To Control Polythene

දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී පාද පරිසර පද්ධතියට එකතුවන පොලිතින්, ප්ලාස්ටික් සියල්ල එකතු කිරීමට නොහැකිවීම නිසා පරිසරයට එයින් යම් ප්‍රමාණයක් එකතුවන බවයි.

ඒවා දිරාපත් නොවීම නිසා පරිසරයට සහ එහි වෙසෙන සතුන්ට දැඩි හානියක් සිදුවන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරනවා.

ඒ සඳහා මෙවර සිරිපා සමයේ පොලිතින් සහ ප්ලාස්ටික් නල්ලතන්නිය මාර්ගය ඔස්සේ රැගෙන යෑම පාලනය කිරීම සඳහා ගමන් මළු පරීක්ෂා කිරීමේ ස්ථාන කීපයක් පිහිටුවීමට කටයුතු කරන බවද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවා.

සිරිපා වන්දනා සමයේ පොලිතින් පාලනයට ක්‍රියාමාර්ග... | Measures To Control Polythene

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට ආයෙමත් කුමක් වෙයි ද?. දෙසැම්බර් 02 වෙනි දා ලංකාවේ වෙන දේ මෙන්න.

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට ආයෙමත් කුමක් වෙයි ද?. දෙසැම්බර් 02 වෙනි දා ලංකාවේ වෙන දේ මෙන්න.