රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට ආයෙමත් කුමක් වෙයි ද?. දෙසැම්බර් 02 වෙනි දා ලංකාවේ වෙන දේ මෙන්න.
Sri Lanka
By krishani
රාජ්‍ය සේවකයින්ට ලැබිය යුතු රුපියල් 20,000ක වැටුප් වැඩිවීම වෙනුවෙන් අඛණ්ඩව අරගල සිදුකරන බව ලංකා ගුරු සංගමය සඳහන් කළේ ය.
ඒ අනුව රුපියල් 20,000ක වැටුප් වැඩිවීම වෙනුවෙන් දෙසැම්බර් 02 දා දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව එම සංගමය ඊයේ (14) පැවසීය.
එම සංගමය වැඩිදුරටත් කියා සිටියේ,
"ගුරු විදුහල්පති වැටුප් විශමතාවය ගැන වචනයක්වත් නැහැ. අපිට ආණ්ඩුවට කියන්න තියෙන්නේ. ලෑස්තිවෙන්න.අපේ අරගලයට මුහුණ දෙන්න.
දෙසැම්බර් 02 අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාද වෙන දවස. එදාට පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන්න අපි තීරණය කරලා තිබෙනවා." යනුවෙන් ය.