පාසල් සිසුන්ගේ උදෑසන ආහාර වේලටත් කරන්න හැදූ කැත වැඩක් මාට්ටු වෙයි..

Report

පාසල් සිසුන්ගේ උදෑසන ආහාර වේල සැපයීමේ කටයුත්ත බාධාවකින් තොරව කරගෙන යෑම සඳහා ආහාර වේල සැපයීමේ ටෙන්ඩරය ලබාගත් කාන්තාවගෙන් රුපියල් 30,000ක අල්ලසක් ලබා ගත් ඇහැලියගොඩ ප්‍රදේශයේ විදුහල්පතිවරයකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.

ශ්‍රී ලංකාවෙන් වාර්තාගත ජයක්..රටටම සුභ ආරංචිය මෙන්න..

ශ්‍රී ලංකාවෙන් වාර්තාගත ජයක්..රටටම සුභ ආරංචිය මෙන්න..


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇහැලියගොඩ ප්‍රදේශයේ දෙමළ පාසලක විදුහල්පතිවරයෙක් බවයි වාර්තා වන්නේ.

අදාළ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී යි.

සැකකාර විදුහල්පතිවරයා කාන්තාවගෙන් රුපියල් 50,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති අතර, අදාළ කාන්තාව පළමුව රුපියල් 20,000 ක මුදලක් ලබා දී ඇත.

ඉහළ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට තරුණයෙක් පනී..ගමන් කරමින් සිටි වාහනයක ගැටෙයි..

ඉහළ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට තරුණයෙක් පනී..ගමන් කරමින් සිටි වාහනයක ගැටෙයි..


එලෙස ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ, අනතුරුව ඊයේ (24) දිනයේදී ඉතිරි රුපියල් 30,000 ක මුදල අදාළ විදුහල්පතිවරයා විසින් ලබා ගන්නා අවස්ථාවේදීයි.