මැතිවරණ නීති කැඩුව අගමැතිනියට මොකද වෙන්නෙ කියලා මැ.කො කියයි
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් සිදු කර ඇති බවට චෝදනා එල්ලවන අදාළ ප්‍රකාශය ගැටළුවක් වන බව සඳහන් කළා.
එසේ වුවත් එයට දඩුවම ලෙස ඇගේ තනතුර අහිමි නොවන බව ද ඔහු පැවසුවා.
මේ පිළිබඳ ඔහු විසින් අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් කරුණු සඳහන් කළා.
එහි දී ඔහු ප්‍රකාශ කළේ අගමැතිවරිය මැතිවරණ නීතිය උල්ලංඝනය කළ බව දැන දැනත් අදාළ ප්‍රකාශයේ විකාශනය කළ මාධ්‍ය ද වගකීම් විරහිත ලෙස ක්‍රියා කර ඇති බවයි.
ඒ අනුව පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙහි ප්‍රචාරක කටයුතු අවසන් කිරීමෙන් පසු එළඹෙන නිහඬ කාලසීමාව තුළ දේශපාලන වශයෙන් ජාතික ජන බලවේගය ප්‍රවර්ධනය කරමින් කටයුතු කළ යුතු බවට හරිනි අමරසූරිය විසින් මෙසේ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ද පැමිණිළි ඉදිරිපත් ව ඇති බව සඳහන්.
ඒ ඔස්සේ ඉදිරියේදී අධිකරණය හරහා ඒ සම්බන්ධයෙන් කටයුතු සිදු කරන බවත් මෙහි දී සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළා.
