මත්තල ගුවන් තොටුපළ සීරුවෙන් - ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

Report

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගුවන් සීමාවන් වසා දැමීම නිසා වෙනත් මාර්ග වෙත යොමු කරන (Diverted) ගුවන් යානා ඕනෑම අවස්ථාවක පිළිගැනීම සඳහා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ (MRIA) සීරුවෙන් තබා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) නිවේදනය කර ඇත.

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ලගේ මෙහෙයවීම යටතේ, මෙරටට පැමිණෙන සහ පිටත්ව යන මගීන්ගේ මෙන්ම ගුවන් යානාවල පහසුව වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත.

මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක් - විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක් - විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

ඒ අනුව පවතින තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අදාළ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර විශේෂ හදිසි සැලසුමක් (Emergency Contingency Plan) සකස් කර තිබේ.

පවතින තත්ත්වය සලකා ශ්‍රී ලංකන් ගුවන් සේවය (SriLankan Airlines) සහ ෆිට්ස් එයාර් (FitsAir) සමාගම් මැදපෙරදිග රටවල් කිහිපයකට දියත් කරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමටයි තීරණය කර ඇත.

ඩුබායි වරාය ගිනි ගනී - ඉරාකයේ බෝම්බ පිපිරීමක් - 133ක් ජීවිතක්‍ෂයට

ඩුබායි වරාය ගිනි ගනී - ඉරාකයේ බෝම්බ පිපිරීමක් - 133ක් ජීවිතක්‍ෂයට

මැදපෙරදිග සහ ඒ අවට කලාප වෙත ගමන් කිරීමට බලාපොරොත්තු වන මගීන්, ගුවන් තොටුපළට පැමිණීමට පෙර තමන්ගේ ගුවන් සමාගම හෝ සංචාරක නියෝජිතයා සම්බන්ධ කරගෙන ගුවන් ගමන් තොරතුරු තහවුරු කරගන්නා ලෙසද උපදෙස් දී ඇත. මේ අතර පවතින තත්ත්වය පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසයි සිවිල් ගුවන් සේවා අධිකාරිය මහජනයාගෙන් ඉල්ලා සිටියි.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජිවිතක්ෂයට - ඉරාන රජය තහවුරු කරයි

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජිවිතක්ෂයට - ඉරාන රජය තහවුරු කරයි