මත්තලෙන් යන අයට සුපිරි සහනයක් - අපගමන බද්ද අද සිට ඉවත්

Report

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා විදේශගත වන මගීන්ගෙන් අය කෙරෙන ඩොලර් 60ක අපගමන බද්ද අද (29) සිට ඉවත් කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ විශේෂ චක්‍රලේඛයකින් මෙම තීරණය දන්වා ඇති අතර, එය 2026 ජුනි 26 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

මත්තල ගුවන්තොටුපළ වෙත මගීන් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මෙම බදු සහනය ලබාදී ඇති බව වාර්තා වේ.

මෙතෙක් මත්තල හරහා පිටත්ව යන මගීන්ගෙන් පමණක් අය කෙරුණු මෙම බද්ද ඉවත් කිරීමෙන් ගුවන්තොටුපළේ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමටත්, ගුවන් සමාගම්වලට එහි සේවා කිරීමට දිරිගැන්වීමටත් බලාපොරොත්තු වන බව පැවසේ.

ආයෝජකයින්ගේ සිහිනය සැබෑ වෙන්නම රන් මිල දවසින් දවස ඉහළට

ආයෝජකයින්ගේ සිහිනය සැබෑ වෙන්නම රන් මිල දවසින් දවස ඉහළට

ස්ථාන 5ක බෝම්බ - මහජන කලබලයක් - දකුණු ආසියානු රටකින් ආවා කියලත් තොරතුරු

ස්ථාන 5ක බෝම්බ - මහජන කලබලයක් - දකුණු ආසියානු රටකින් ආවා කියලත් තොරතුරු