පරිවාස කොමසාරිස් තනතුරට අලුත් මුහුණක්
පුරප්පාඩු ව පවතින පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් තනතුර සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරිනියක වන යූ.එල්. මතීෂා ජිනන්ජලී ජයතිලක මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත .
ඇය මීට පෙර අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) ලෙස සේවය කරමින් සිටි අතර, පරිවාස කොමසාරිස් තනතුරේ රාජකාරි කටයුතු කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ඇය සතු සුදුසුකම් සලකා බලා මෙම තීරණය ගෙන තිබේ.
තවද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද අදාළ කැබිනට් පත්‍රිකාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.