මැරුණාද? මැරුවාද අභිරහසක් ඉතිරි කර නදුනි සදහටම යන්නම යයි

Report

පානදුර උතුර පොලිස් බල ප්‍රදේශයට අයත් ගල්කණුව පාරේ පිහිටි කුලී නිවසක තිබී 26 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් හමුවී ඇති බව පොලීසිය සදහන් කර තිබේ .

මෙලෙස මියගොස් ඇත්තේ පානදුර උතුර, ගල්කණුව පාර ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි මාන්නමරක්කළගේ නඳුනි සහශ්‍රි කුරේ නමැති අවිවාහක තරුණියකි.

ඇය පෞද්ගලික විශ්වවිද්‍යාලයක නීති උපාධිය හදාරමින් සිට ඇති අතර, එම කුලී නිවසේ තනිවම පදිංචිව සිටි බව පොලීසිය සඳහන් කරයි.


රටම කතාකළ මීගමුවේ සිදුවීමට අදාළ බුද්ධි තොරතුරු කළින් ලැබුණාද ? කැබිනට් හමුවේදී අනාවරණයක්

රටම කතාකළ මීගමුවේ සිදුවීමට අදාළ බුද්ධි තොරතුරු කළින් ලැබුණාද ? කැබිනට් හමුවේදී අනාවරණයක්

අධ්‍යාපන කටයුතුවලට අමතරව නීතිඥවරයෙකුගේ අධිකරණ කටයුතු සඳහා සහාය ලබාදෙමින්ද ඇය සේවය කර ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පානදුර උතුර පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැත

පොලීසිය සදහන් කරන්නේ මරණය සියදිවි හානිකර ගැනීමක්ද, නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි