මතීෂ පතිරණ ඉන්දියාවේදී විශේෂ දෙයක් හෙළිකරයි.. මතීෂ බලන්න සුරූපිනියක් ලංකාවට එන්න කැමති වෙයි..(VIDEO)

MS Dhoni Cricket IPL 2024 Matheesha Pathirana
By Aruna May 04, 2024 07:38 AM GMT
Aruna

Aruna

Report

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝණි පියෙකු ලෙස තමන්ට නිතර මඟ පෙන්වන බව මතීෂ පතිරණ ප්‍රකාශ කර සිටිනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, එම කණ්ඩායමට අයත් Youtube නාලිකාව සමඟ අදහස් පළ කරමින්.


සිය පියාගෙන් අනතුරුව තමන්ගේ ක්‍රිකට් සම්බන්ධයෙන් වැඩියෙන්ම උනන්දු වන්නේ එම්.එස් දෝණි බවයි, ඔහු වැඩිදුරටතු පෙන්වා දෙන්නේ.

තමන්ට මෙම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ද පතිරණ දෝණිට සිය ස්තූතිය පළ කළේ ය.

2022 වස‌රේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ මතීෂ පතිරණ මේ වනවිට එහි ප්‍රධානතම ක්‍රීඩයා බවට පත්වෙමින් සිටීම ද විශේෂත්වයක්.

ඔහුගේ පන්දුයැවීමේ ඉරියව් ඊට එක් හේතුවක් වන බවයි බොහෝ විචාරකයින් පවසන්නේ.

මේ අතර මේ වනවිට චෙන්නායි ක්‍රිකට් රසිකාවියන්ගේ සිහින කුමරා බවට මතීෂ පතිරණ පත්ව සිටීමත් විශේෂත්වයක්.

පසුගියදා ක්‍රිකට් ක්‍රීඩාවට කැමැත්තක් නොදක්වන ඒන්ජලා නමැති තරුණියක් IPL තරග නැරඹීමට ද පැමිණ සිටියා.

ඇය එහි දී පළ කළ අදහස් සමාජ මාධ්‍ය තුළ ඉතා වේගයෙන් සංසරණය වෙමින් පැවතියා.

මම ක්‍රිකට් කියන්නේ මොනවාද කියලා දන්නේ නැහැ. ඒත් මතීෂ පතිරණව බලන්නයි මං ආවේ.

මාධ්‍යවේදීයා -

ක්‍රිකට්වල පතිරණ කියලා කෙනෙක් ඉන්නවා කියලා කොහොමද දැනගත්තේ.? ඇයි එයාට කැමැති.?

ඒන්ජලා -

රීල්ස්වල දැක්කා. මම එයාට කැමැතියි. ගොඩාක් ලස්සනයි. එයාව බලන්න තමා ආවේ. එහෙට යනවා. මෙහෙට යනවා. මං හිටිය පැත්තට ආවේ නැහැ.

මාධ්‍යවේදීයා -

විකට් දෙකක් ගත්තා නේ.?

ඒන්ජලා -

ඒක දැක්කා. ඒ වෙලාවේ සතුටු හිතුණා. ඊට පස්සේ මෙයාලා එක්කගෙන ආවා. මට පතිරණ ඔනේ. ශ්‍රී ලංකාවට යන්න කියලා හිතාගෙන ඉන්නවා.

මාධ්‍යවේදීයා -


එහෙ පදිංචි වෙන්න යනවා ද.?

ඒන්ජලා -

කැමැති වුණොත්, පදිංචි වෙන්න පුළුවන්.