මතීෂ ආබාධයකට ලක් වෙයි.

Report

මතිෂ පතිරණට හදිසියේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරඟාවලිය අහිමි වී තිබෙනවා.

ඔහු වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර යන දෙදෙනාගෙන් එක අයෙක් සංචිතයට කැඳවීමට නියමිත බව වාර්තා වනවා. 

මේ අතර, නෙදර්ලන්ත සමඟ පැවතී තරඟයේදී ආබාධයකට ලක් වූ මහීෂ් තීක්ෂණගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (22) පස්වරුවේ බැංග්ලෝර් නුවරට පැමිණි අතර එහිදී මහීෂ් තීක්ෂණ ව ස්කෑන් පරීක්ෂාවකට යොමු කර තිබුණා.

එම වාර්තාවලට අනුව ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වනවා.