මේ අය වෙනුවෙන් අද සිට ප්‍රමුඛතා බස් සේවාවක්
මේ අය වෙනුවෙන් අද සිට ප්‍රමුඛතා බස් සේවාවක් ආබාධිත පුද්ගලයින් සඳහා පත්ල පහළ ප්‍රමුඛතා බස් රථ සේවාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට අද (21) ආරම්භ කෙරෙන බව ප්‍රවාහන , මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සදහන් කර තිබේ
සැමට සම අවස්ථා සහ මානව ගරුත්වය සුරක්ෂිත කරන රටක් යන රජයේ දැක්මට අනුව මෙය ආරම්භ කර ඇත මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 430ක මුල්‍ය ප්‍රතිපාදන යොදාගෙන ඇති අතර මෙය ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක තවත් සුවිශේෂී ව්‍යාපෘතියකි.
මෙහි පළමු අදියර යටතේ රෝද පුටු භාවිත කරන්නන්ට ඉතා පහසුවෙන් ළඟාවිය හැකි පතුල පහළ විශේෂ වර්ගයේ නවීන වායු සමනය කළ විශේෂ බස්රථ 10ක් සේවයේ යෙදවීමට නියමිත ඇත.
මෙම බස්රථයක එකවර මගීන් 80කට ගමන්කළ හැකි අතර ආසන 33කින් සමන්විතය.
රෝද පුටු භාවිත කරන්නන්ගේ ආරක්ෂාව උදෙසා විශේෂ තාක්ෂණික අංගවලින්ද මෙය යුක්තය.
ඒවගේම මාකුඹුර සිට පිටකොටුව සහ කඩවත දක්වා බස් රථ ධාවනයට සැලසුම් කර තිබේ.
තවද විශේෂයෙන්ම මහරගම අපේක්ෂා රෝහල ඇතුළුව කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන ආවරණය කරමින් ධාවන කටයුතු සිදු කිරීම සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තෝරාගත් රියදුරන් 28 දෙනෙකු සඳහා ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබාදීමට කටයුතු කෙරුණා.