වත්මන් ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත ජන රැළියක්
වත්මන් ආණ්ඩුවට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන දැවැන්ත ජන රැලියක් ලබන මස 21 වන දින නුගේගොඩදී පැවැත්වීමට නියමිතව ඇත.
එය හදුමන්වන්නේ 'වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහි මහා ජන හඬ’ යනුවෙනුයි .
මෙම ජන රැලිය වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරෝධය දැක්වීම සඳහා කැඳවා තිබේ.
පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම කරුණු ඊයේ (27) දින කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කරන ලදි.
ඒ වගේම ඔහු සදහන් කළේ සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, එක්සත් මහජන පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ නව ජනතා පෙරමුණ යන පක්ෂ නියෝජනය කරමින් විශාල පිරිසක් මේ සදහා එක්වන බවයි.
ගම්මන්පිල මහතා තව දුරටත් සදහන් කළේ මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ආශිර්වාදය ලැබී ඇති බවයි.
ගම්මන්පිල මහතා චෝදනා කළේ ජනාධිපතිවරණයට පෙර අනුර කුමාර දිසානායක මහතා විසින් ජනතාවට පොරොන්දු 1359ක් ලබා දුන්නද, මේ වන තෙක් ඉන් එක්ප රොන්දුවක් හෝ ඉටු කර නොමැති බවයි .
මෙම මාධ්‍ය හමුවට එක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, හිටපු ඇමැතිනී නීතිඥ තලතා අතුකෝරල මහත්මිය ප්‍රකාශ කළේ, දිනෙන් දින පිරිහෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ අරමුණින් විපක්ෂයේ සියලුම පක්ෂ එකට ඒකාබද්ධ වන බව සදහන් කර ඇත.
එයට සහභාගී වූ විවිධ මැති ඇමතිවරුන් විවිධ අදහස් රාශියක් ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා එහිදී අවධාරණය කළේ වර්තමානයේ නීතියේ ආධිපත්‍යය දැඩි ලෙස ඛාදනය වෙමින් පවතින බව ප්‍රකාශ කර තිබේ.
පොදුජන එක්සත් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසූයේ, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර නොගත්හොත්, කිසිදු පුද්ගලයකුට නිදහසින් ජීවත් විය නොහැකි රටක් උදාවන බව සදහන් කිරීය.
එම අවස්ථාවේදී අදහස් පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුවට ඡන්දය ලබාදුන් ජනතාව පවා දැන් එම ආණ්ඩුව එළවා දැමිය යුතු බව ප්‍රකාශ කරන තත්වයකට පැමිණ ඇති බවයි.