මුම්බායි උඩුයටිකුරු කළ මතීෂ පතිරණට සුපිරි සම්මානයක්. - (VIDEO)
ඊයේ (14) පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ තරගයෙන් ලකුණු 20ක ජයක් හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
එහිදී සුපිරි පන්දුයැවීමක නිරතවූ මතීෂ පතිරණ ලකුණු 28ක කඩුලු 4ක් බිඳ දමමින් තරගයේ වීරයා සම්මානය හිමිකර ගනු ලැබුවා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 206ක් ලබාගත් අතර එම ඉනිම වෙනුවෙන් ශිවම් ඩුබේ නොදැවී ලකුණු 66ක් ලබා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මුම්බායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 186ක් පමණක් වන අතර එම ඉනිම වෙනුවෙන් රෝහිත් ශර්මා නොදැවී ලකුණු 105ක් ලබාගනු ලැබුවා.