පන ඇදපු තැපෑලට නව වෙනසක් - මෙන්න හේතුව

Report

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන පරිදි මෙරට තැපැල් සේවාවේ ප්‍රවාහන ජාලය නවීකරණය කරමින් රුපියල් කෝටි 59කට අධික වටිනාකමකින් යුත් නව රථවාහන පෙළක් තැපැල් සේවයට එක් කිරීමේ අවස්ථාව අනිද්දා (12) පස්වරු 1.00 ට තැපැල් මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි පවසයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන යටතේ, රුපියල් කෝටි පනස් නවයක පිරිවැයක් දරා මිලදී ගත් නව ලොරි රථ 10ක් සහ කැබ්රථ 20ක් තැපැල් ප්‍රවාහන ජාලයට නිල වශයෙන් එක් කිරීමට නියමිත බවයි.

සජබෙ ලොක්කියකුයි ශ්‍රී.ල.නි.ප ලොක්කෙකුයි අත්අඩංගුවට - හේතුව මෙන්න

සජබෙ ලොක්කියකුයි ශ්‍රී.ල.නි.ප ලොක්කෙකුයි අත්අඩංගුවට - හේතුව මෙන්න

එම අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම උත්සවයට සමගාමීව තැපැල්කරුවන්ගේ යතුරුපැදි සඳහා නව තැපැල් බහාලුම් පෙට්ටි බෙදාදීමේ නියමු ව්‍යාපෘතියක් ද ආරම්භ කෙරෙන අතර, ලිපි සහ පාර්සල් වඩාත් ආරක්ෂිතව සහ පහසුවෙන් ප්‍රවාහනය කිරීම මෙහි මූලික අරමුණ බවද සඳහන් කර තිබේ.

2025 වසරේ අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා මධ්‍ය තැපැල් හුවමාරුවේ සිට මුළු දිවයිනම ආවරණය වන පරිදි සේවාවන් පුළුල් කෙරෙන බවත් විශේෂයෙන් වර්තමානයේ ඉහළ ඉල්ලුමක් පවතින භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ සේවාව ඇතුළු සියලු තැපැල් භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු මෙමගින් තවදුරටත් කාර්යක්ෂම වනු ඇති බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම තැපැල් සේවකයන් හිගයක්ද විශාල වශයෙන් පවතින බවද සඳහන් වේ.මෙම ගැටලු විසදීමට රජයේ අවදානය ද යොමුව තිබේ.

හෙට දිනට රටටම අඳාළ විශේෂ නිවේදනයක් - යළි පෙබරවාරි 12 සිට

හෙට දිනට රටටම අඳාළ විශේෂ නිවේදනයක් - යළි පෙබරවාරි 12 සිට