දුරදිග ගිය ජංගම දුරකතනය සොරකමේ සිද්ධිය ඝාතනයකින් කෙලවර කළ තිදෙනා අත්අඩංගුවට ..
By Piyumika
ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියකට දණගස්වා පහර දුන්නැයි උරණ වී එම පුද්ගලයා ට පිහියෙන් ඇන ඝාතනය කර සැඟව සිටි පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගත් බව මාළිගාවත්ත පොලිසිය පැවසීය .
එම සැකකරුවන් ඝාතනය සඳහා යොදාගත් මන්නයක් සහ තවත් කුඩා පීහියක් පොලිස් භාරයට ගෙන තිබේ.
සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුනේ කොළඹ 10 මාලිගාවත්ත බෝධිරාජා මාවත පදිංචිව සිටි එම් එන් ඒ රහුමාන් (26) නැමැත්තෙකි .