තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර ඇපයක් මත මුදා හරින ලෙස ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත මනුෂ ඉල්ලා අස්කරගනී..

Report

දකුණු කොරියාවේ රැකියාව ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත අද (22) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.

විදුලිබල අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් තම වරප්‍රසාද කඩවු බවට මන්ත්‍රී දයාසිරිගෙන් චෝදනාවක්...

විදුලිබල අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් තම වරප්‍රසාද කඩවු බවට මන්ත්‍රී දයාසිරිගෙන් චෝදනාවක්...

එම ඇප පෙත්සම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අනුජා ලක්මාල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී මනුෂ නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට පැය 05කට අධික කාලයක් ප්‍රකාශ ලබා දී ඇති බව පැවසුවා.

පළාත් පාලන ඡන්ද විමසිම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැන පෙත්සමක්...

පළාත් පාලන ඡන්ද විමසිම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැන පෙත්සමක්...

එම ප්‍රකාශවලින් අනාවරණය වූ කරුණු මත ඔහු අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කර තිබෙන බැවින්, මෙම පෙත්සම පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය විසින් අවසර ලබා දුන්නා

You may like this video