හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයාට මුදල් ලබාදුන් අයට විශේෂ පණිවුඩයක්.

Sri Lanka Police Manusha Nanayakkara Sri Lanka Politician
By Aruna Dec 30, 2024 03:48 AM GMT
Aruna

Aruna

Report

විදෙස් ගතවීම සදහා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා වන තිසර නානායක්කාරට මුදල් ලබාදුන් තවත් පුද්ගලයින් සිටිනම් ඒ පිළිබදව දැනුම්දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබනවා.

ඊට අදාළ තොරතුරු ලබාදීම සදහා විශේෂ දුරකතන අංකයක්ද එම දෙපාර්තමේන්තුව හදුන්වා දී ඇති අතර, ඒ අනුව 011 - 2 337 219 යන දුරකතන අංකයට එම තොරතුරු ලබාදිය හැකි බවයි පැවසෙන්නේ.

රිලා කරදරය නිසා ගොවියෝ රස්සා සොයා යයි..

රිලා කරදරය නිසා ගොවියෝ රස්සා සොයා යයි..


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයා වන තිසර නානායක්කාර ලබන වසරේ ජනවාරි මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් පද්මා අමරතුංග මහතා ඊයේ නියෝග කරනු ලැබීය.

ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී මුදල් වංචා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුව අත්අඩංගුවට ගනු ලැබුවේ බිබිල නමැති ස්ථානයේදී බවයි පැවසෙන්නේ.

සහල් 150ට දෙන්න පුළුවන් බවට ප්‍රකාශයක්..බද්දත් අඩු කරයි ද?

සහල් 150ට දෙන්න පුළුවන් බවට ප්‍රකාශයක්..බද්දත් අඩු කරයි ද?


2019 වසරේ සිට 2024 වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ සැකකරුගේ ගිණුමට රුපියල් කෝටි 27කට ආසන්න මුදලක් තැන්පතු ලෙස ලැබී ඇති බවයි, සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අපරාධ පරීක්ෂණදෙපාර්තමේන්තුවේ නිලධාරින් ප්‍රකාශ කළා.

ෆින්ලන්තයේ රැකියා දෙන බව පවසා මොහු පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 40ක් ඉල්ලා ඇති අතර, පැමිණිලිකරු පවසා ඇත්තේ රුපියල් ලක්ෂ 30ක මුදලක් තිසර නානායක්කාර නමැත්තාට ලබා දුන්නද ෆින්ලන්ත රැකියා සඳහා තමන් යොමු නොකළ බවයි කියා සිටියේ .

You Mya Like This Video


ReeCha