ගුල්ලෝ ගැසූ හාල් ගැන ගත් අලුත්ම තීරණය..!

Report

ශ්‍රී ලංකා රේගුව ආනයනකරුවන්ට දැනුම්දී ඇත්තේ, පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කළ බහාලුම් 03ක තිබූ පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 75,000ක් ප්‍රති අපනයනය කරන ලෙසයි.

එලෙස ආනයනය කරන ලද බහාලුම් දෙකක සහල්වල ගුල්ලන් සිට ඇතැයි අනාවරණවී ඇති අතර අනෙක් බහාලුමේ තිබු සහල් උරවල කල් ඉකුත්වීමට ආසන්න දින සහිත පැරණි ලේබලය මතම නව ලේබලයක් අලවා ඇතැයි හෙළිවීම ඊට හේතුවය.

බත් කාලත් හමාරයි...ආනයනික සහල් ගැන ඇහෙන ඇඟ හිරිවැටෙනන පුවත..

බත් කාලත් හමාරයි...ආනයනික සහල් ගැන ඇහෙන ඇඟ හිරිවැටෙනන පුවත..

රජය ඉකුත් 04 වැනිදා සිට ,මෙරට සහල් හිඟයට පිළියමක් ලෙස, සහල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට අවසර ලබාදුනි.

ඒ අනුව මේ වනවිට ඉන්දියාවෙන් සහල් ආනයනය කෙරෙමින් පවතින අතර පසුගිය 4 වැනිදා සිට ඊයේ (13) දහවල් දක්වා පෞද්ගලික ආනයනකරුවන් ආනයනය කළ සහල් මෙට්‍රික්ටොන් 2300ක් රේගුව වෙත ලැබී තිබුණි. ඒ අතරින් 90%ක් පමණ ඊයේ වනවිටම රේගුවෙන් නිදහස් කර තිබුණි.

ගුරුවරියක් සිසුවෙකුට වශී වෙයි..අම්මා මුත්තා කාලෙවත් මෙහෙම දේවල් නම් වෙලා නෑ..

ගුරුවරියක් සිසුවෙකුට වශී වෙයි..අම්මා මුත්තා කාලෙවත් මෙහෙම දේවල් නම් වෙලා නෑ..

…………………………………………………………………………………

You may like this video 👇