ලංකාවත් ඩුබායි වගේ වෙයිද? මන්නාරමෙන් මතුවුණු තෙල් හා ගෑස් නිධි වලින් ලංකාවේම ණය ගෙවන්න පුළුවන් - ආසියාවේ සංවර්ධිතම රටක් වෙන්න අවස්ථාවක්

Report

ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා ප්‍රකාශ කළේ මන්නාරම් ද්‍රෝණියේ ඇති තෙල් සහ ගෑස් නිධි නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමෙන් ශ්‍රී ලංකාවේ පවතින සමස්ත ණය බර ගෙවා දමා, මෙරට ආසියාවේ සංවර්ධිතම රාජ්‍යය බවට පත් කළ හැකි බවයි.

මන්නාරම් ද්‍රෝණිය තුළ තෙල් බැරල් බිලියන දෙකක් සහ ස්වභාවික වායු කියුබික් අඩි ට්‍රිලියන නවයක අතිවිශාල ප්‍රමාණයක් පවතින බවට විද්‍යාත්මකව අනුමාන කර ඇති බව පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා පැවසුවේය.

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක් - විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක් - විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මෙම සම්පත් ගවේෂණය සඳහා වර්ග කිලෝමීටර් 34,000ක භූමි ප්‍රමාණයක් ප්‍රධාන කොටස් හතරකට බෙදා දේශීය හා විදේශීය ආයෝජකයන්ට ලංසු කැඳවීමට රජය දැනටමත් පියවර ගෙන ඇති බවයි.

"මීට පෙර මැතිවරණ ඉලක්ක කරගෙන මෙවැනි දේවල් ප්‍රකාශ කළත්, අපේ රජය මේ වන විටත් එම කටයුතු ප්‍රායෝගිකව ආරම්භ කර තිබෙනවා. මේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම හරහා අපේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකියි," යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

චුලා අක්කිගේ Hubbyව මම දන්නේ නෑ - මම පුතාවයි ආච්චිවයි මම භාරගන්න කැමතියි - ජීවිත කාලෙම මම සලකන්නම්

චුලා අක්කිගේ Hubbyව මම දන්නේ නෑ - මම පුතාවයි ආච්චිවයි මම භාරගන්න කැමතියි - ජීවිත කාලෙම මම සලකන්නම්

එමෙන්ම, වත්මන් රජය ගොවි ජනතාව වෙනුවෙන් ඉතිහාසයේ නොවූ විරූ සහන ප්‍රමාණයක් ලබා දී ඇති බව ද මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ අනුව, යල කන්නයේ වී මිලදී ගැනීම සහ ගොවි සුබසාධනය වෙනුවෙන් රුපියල් මිලියන 46,600ක මුදලක් පළමු වටයේදීම නිදහස් කර ඇති බව ඔහු පැවසීය.

මීට අමතරව, වී අලෙවි මණ්ඩලය හරහා සහතික මිලට වී මිලදී ගැනීමට රුපියල් මිලියන 6,000ක් ද, පෞද්ගලික අංශයට සහන පොලියට වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 10,000ක් ද වෙන් කර ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 13,492ක් වෙන් කර ඇති අතර, කුඩා මෝල් හිමියන් දිරිමත් කිරීම සඳහා එක් අයෙකුට රුපියල් ලක්ෂ 250 බැගින් මාස අටක කාලයක් සඳහා පොලී රහිත ණය ලබා දීමට ද පියවර ගෙන ඇති බව ඔහු අනාවරණය කළේය. රටේ නිෂ්පාදන ආර්ථිකයේ කොඳු නාරටිය වන ගොවි ජනතාව ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යය බවත්, ඉදිරියේදී තවදුරටත් ඔවුන් වෙනුවෙන් උපරිම සහන ලබා දීමට කටයුතු කරන බවත් මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.