පේෂකර්ම ක්ෂේත්‍රයේ නියතු ඔබට සුබ ආරංචියක් - ඉන්දියාව එක්ක ශ්‍රී ලංකා රජය කරන්න යන දේ මෙන්න

Report

ශ්‍රී ලංකාවේ පේෂකර්ම ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ඉන්දීය රෙදිපිළි කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පබිත්‍රා මාගරිටා මහත්මිය ප්‍රකාශ කර තිබේ. '

ඇය මේ බව කියා සිටියේ නවදිල්ලි නුවර පැවැත්වෙන 'භාරත් ටෙක්ස් ජාත්‍යන්තර ප්‍රදර්ශනයට සහභාගි වූ මෙරට කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ පැවති විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවකදීය.

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

මෙම අවස්ථාවට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිනි කොලොන්නේ මහත්මිය ඇතුළු දෙරටේ අමාත්‍යාංශ උසස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

මෙම සාකච්ඡාවේදී මෙරට පේෂකර්ම හා කර්මාන්ත ක්ෂේත්‍රය නවීකරණය කිරීම සහ ශ්‍රී ලාංකීය නිපැයුම්වලට ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් හා ආයෝජන සහාය ලබා ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි.

විභහග දෙපාර්තමේන්තුවෙන් උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක් - මේ අයගෙන් වහාම අයදුම්පත් කැදවයි 28 දක්වා වලංගුයි

විභහග දෙපාර්තමේන්තුවෙන් උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක් - මේ අයගෙන් වහාම අයදුම්පත් කැදවයි 28 දක්වා වලංගුයි

ඒ අනුව ප්‍රධාන අංශ කිහිපයක් ඔස්සේ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට දෙපාර්ශවයම එකඟතාව පළ කර ඇත.

විශේෂයෙන්ම ඉන්දියාවේ ජාතික මෝස්තර තාක්ෂණ ආයතනය හරහා ශ්‍රී ලාංකික සිසුන්ට උපාධි මට්ටමේ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්ස්පෝ 2027 (Expo 2027) ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා ඉන්දීය ආයෝජකයින්ගේ දායකත්වය ලබා ගැනීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අදහස් හුවමාරු කර ගත්තේය.